Showing posts with label සංගා. Show all posts
Showing posts with label සංගා. Show all posts

Sunday, December 14, 2014

ICC නීති කඩකිරීම නිසා සංගක්කාරට දඩ නියම වෙයි.



අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය කුමාර් සංගක්කාරට අද
දඩ මුදලක් පැනවිය.
විනිසුරු තීරණයට අවනත නොවීමේ වරදට එම දඩ මුදල
පැනවූ බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයක
සඳහන් ය.
අන්තර් ජාතික ක්රිකට් ආයනය නිකුත් කළ ‍නිවේදනයට
අනුව කුමාර් සංගක්කාර විනිසුරු තීරණය අවනත
නොවීමේ වරද සිදුකර
ඇත්තේ පල්ලේකැලේ ක්රීඩාංගණයේ ඊයේ පැවැති
තරගයේදී ය.
එංගලන්තයට එරෙහිව පැවති එම තරගයේ 34 වැනි
පන්දුවාරයේදී පන්දුවට පහරදෙමින් සිටියේ සංගක්කාරයි.
එහිදී පිතිකරු පවර් ප්ලේ අවස්ථාව ලබා ගැනීම
සඳහා සංගක්කාර ඉල්ලීමක් කර තිබේ.
විනිසුරු සහ සංගක්කාර අතර සංවාදයක් ඇති වී
තිබෙන්නේ එම අවස්ථාවේදීය.
කෙසේවෙතත් වරද පිළිගැනීමෙන් පසුව, පෙර යහපත්
හැසිරීම සළකා බලා තරග ගාස්තුවෙන් සියයට 15ක
දඩයක් පමණක් සංගක්කාරට පැන වූ බව ද
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය

posted from Bloggeroid