Saturday, November 1, 2014

Android දුරකථනයෙ Unlock Pattern එක අමතකද? (Hard Reset)

ඔයාට ඔයාගේ Mobile එකෙ Pattern එක අමතකද? ෆෝන් එකට දාලා තිබුන Gmail එකයි Password එකයි මතකනං ලේසියෙන්ම Pattern එක Unlock කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනෙ. ඒත් Gmail එකයි Password එකයි අමතක උනොත් මොකද කරන්නේ.?
ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ එකම දෙයයිි.ඒ ෆෝන් එක Recovery Mode ගිහින් Restore කරන එක.

Reset කිරිමෙන් ඔබේ දුරකථනයේ සියලුම දත්ත අහිමි වේ.අවශ්‍ය දත්ත තිබේනම් Backup කරගන්න

පියවර නිවැරදිව අනුගමනය කරන්න.
මුලින්ම දුරකථනය Off කරන්න



දැන් Volume Up + Home + Power ඔබන්න.

සමහර දුරකථනවල මෙය පහත පරිදි විය හැක

Volume Down + Power
හෝ
Home + Power

ඉහත අයුරින් බොත්තම් එබිම තුලින් ඔබට Recovery Mode වෙත පිවිසීමට හැක.
සැ.යු -Android Logo එක ඇවිත් එතන නැවතුනොත් Volume Up ඔබන්න




දැන් එන Option වලින් Wipe Data/Factory Reset ලබාදෙන්න



දැන් එන Screen එකෙන් Yes Delete All User.. ලබාදෙන්න




දැන් මෙ වගේ Screen එකක් ඇවිත් Mobile එක Reboot වෙවි.





අවුලක් උනොත් Comment එකක් හෝ Email එකක් දාන්න

Photo Credits Goes To WikiHow

posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment