අළුතින් Android ෆෝන් එකක් ගන්න කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල දාගන්න එක.ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මෙක අමාරු වැඩක් කියලා.. හැබැයි මේක හරිම Simple Plan එකක්..
මෙකට මුලින්ම Mobile එක Root කරලා තියෙන්න ඔනේ.. ඔයාගේ Mobile එක Root කරලා නැත්තං මෙතන Click කරලා Root කරගන්න
දැන් ෆෝන් එකට සිංහල දාමු.
මුලින්ම මේ App එක Download කරන්න මෙතන Click කරන්න
දැන් මේ Font එක Download කරන්න මෙතන Click කරන්න
මුලින්ම ඔයා Download කරපු Font එක DroidSansFallback කියලා Rename කරන්න
දැන් Root Browser App එක Install කරලා ඔපන් කරන්න.එතකොට මේ වගේ පෙනෙයි.
දැන් ඔතනින් SD card කියන File එකට ගිහින් ඔයා DroidSansFallback.ttf කියලා Rename කරපු Font එක හොයාගන්න. දැන් ෆොන්ට් එක උඩ තද කරගෙන ඉන්න.දැන් එන මෙනු එකෙන් Copy තොරන්න.
දැන් ඒ Font එක System වල Font කියලා තියෙන File එකට ගිහින් Paste කරන්න.දැන් එන එක Yes කරන්න.
Paste කරාට පස්සේ එතනින් අපි Paste කරපු DroidSansFallback.ttf කියන Font එක හොයාගෙන ඒක උඩ තදකරගෙන ඉන්න.දැන් එන මෙනු එකෙන් "Permission" සිලෙක්ට් කරලා පහල තියෙන විදිහට Permission හදන්න.
වැඩේ ගොඩ!! අවුලක් උනොත් Comment එකක් දාන්න.
posted from Bloggeroid
4 ඔබේ අදහස්:
Root Kalama 4n ake warranty nati wenawada
Ow bn.. e unata root karapu eka unroot karanna puluwan bn
Unroot karaganna vidiyath dapanko machn ehenm :)
http://lahirumahezh.blogspot.com/2014/10/android-root.html දැන් Unroot කරගන්න විදිහත් දාලා තියෙන්නේ මචං
Post a Comment